by Staff writer 21-06-2020 | 6:45 PM
COLOMBO (News 1st): කොටපොල ප්‍රාදේශීය සභා භූමියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයින් දෙදෙනෙකුගේ ආධාරකරුවන් දෙපිරිසක් අතර අද උණුසුම් තත්ත්වයක් ඇතිව තිබේ.
අප වාර්තාකරු සඳහන් කළේ, රැස්වීම් 2ක් පැවැත්වීම සඳහා වේලාව වෙන්කර ගැනීමට යෑමේදී මෙම තත්ත්වය ඇතිවූ බවය
සිද්ධියෙන් දෙපාර්ශවයේම තිදෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් කොටපොල රෝහලට ඇතුළත් කර තිබේ.