by Staff writer 21-06-2020 | 1:26 PM
COLOMBO (News 1st) - මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීමේ දිනය සම්බන්යෙන් ඉදිරිපත් වන යෝජනා සළකා බැලීමට කමිටුවක් පත් කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්. එච්. එම් චිත්‍රානන්ද මහතා සඳහන් කළේ, සිය ප්‍රධානත්වයෙන් එම කමිටුව ක්‍රියාත්මක බවය.
කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සහ තව ත් අතිරේක ලේකම්වරුන් දෙදෙනෙකු කටයුතු කරනු ඇත.
එම්. එච්. එම් චිත්‍රානන්ද මහතා සඳහන් කළේ, සිසුන්ගේ සහ ගුරුවරුන්ගේ යෝජනා සහ අදහස් විදුහල්පතිවරුන් හරහා අමාත්‍යාංශයට යොමු කරන්නැයි සියලු පළාත් අධ්‍යක්ෂකවරුන්ට දැනුම් දී ඇති බවය.
එම අදහස් සහ යෝජනා සළකා බැලීමෙන් පසු මෙවර උසස් පෙළ දැනට ප්‍රකාශිත දිනවල පවත්වනවා ද නැද්ද යන්න පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බව ඔහු පැවසුවේ ය.
ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ, මෙතෙක් ලද යෝජනා අනුව දැනට ප්‍රකාශිත දිනවල උසස් පෙළ විභාගය පැවැත්වීම සුදුසු බව පාර්ශව කිහිපයක් දැනුම් දී ඇති බවය.
මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන සැප්තැම්බර් මස 7 වැනි දා ආරම්භ වී ඔක්තෝබර් මස 2 වැනි දා අවසන් වීමට නියමිතව තිබේ.