ඉන්දු - චීන අර්බුදය විසඳීමට ට්‍රම්ප් සැරසෙයි

ඉන්දු - චීන අර්බුදය විසඳීමට මැදිහත් වන බවට අමෙරිකානු ජනපතිගෙන් ප්‍රකාශයක්

by Staff writer 21-06-2020 | 1:26 PM
COLOMBO (News 1st): ඉන්දු - චීන අර්බුදය විසඳීමට සහය වන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ධවල මන්දිරයේදී මාධ්‍ය ඇමතූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ, දෙරටේම නායකයන් සමග සාකච්ජා කරමින්, දෙරට අතර අර්බුද සමනය කිරීමට සහය වීමට අමෙරිකාව ප්‍රයත්න දරන බවය . ඉන්දියාව සමග දේශ සීමා අර්බුද උත්සන්න වීමට චීනය වගකිව යුතු බව අමෙරිකාව පවසයි. හිමාල දේශ සීමාවේදී චීන සෙබළුන් සමග හටගත් ගැටුමෙන් ඉන්දීය සෙබළුන් 20දෙනෙකු ඝාතනය විය. මේ අතර හිමාල දේශසීමාවේදී ඉන්දීය සහ චීන සෙබළුන් අතර හටගත් ගැටුමෙන් චීන සෙබළුන් 40 ඉක්මවූ සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වූ බව, ඉන්දීය මධ්‍යම රජයේ අමාත්‍යවරයකු වන විශ්‍රාමික ජෙනරාල් වී.කේ.සිං පවසයි. ගැටුමෙන් මියගිය චීන සෙබළුන් සංඛ්‍යාව පිළිබඳ ඉන්දීය රජයේ අමාත්‍යවරයකු කළ ප්‍රථම හෙළිදරව්ව ද මෙය වේ.