by Staff writer 21-06-2020 | 9:40 PM
COLOMBO (News 1st) - වලයාකාර සූර්‍යග්‍රහණයක් අද ශ්‍රී ලංකා වාසීන්ට ,අර්ධ සූර්‍යග්‍රහණයක් ලෙස දක්න ලැබුණි.
එහි ආරම්භක අවස්ථාව පෙරවරු 10.23 ට යාපනය ඩෙල්ෆ්ට් දූපත් ආශ්‍රිත ප්‍රදේශයට පළමුව නිරීක්ෂණය විය.
සූර්‍යග්‍රහණයක් ඇති වන්නේ ,සූර්යයාත් , චන්ද්‍රයාත් , පෘථිවියත් ඒක රේඛීයව පිහිටන අවස්ථාවක, සූර්යයාගේ මුහුණත මතින් චන්ද්‍රයා ගමන් කරද්දී සෙවණැනැල්ල පෘථිවිය මත පතිත වීමෙනි.
මේ අර්ධ සූර්‍යග්‍රහණයේදී චන්ද්‍රයාගෙන් සූර්‍යයාගේ මුහුණත ආවරණය වීමේ උපරිමය සියයට 24 ක් වූ බව ආතර් සී ක්ලාර්ක් ආයතනය සඳහන් කළේය.
අප වාර්තාකරුවන් පැවසුවේ මෙය කයිට්ස් , කන්කසන්තුරේ , වැල්වැටිතුරෙයි ,පේදුරු තුඩුව යන ප්‍රදේශ වලදී පැහැදිලිව දක්නට ලැබුණු බවයි.
මෙය කොළඹට දිස් වීම ඇරඹුණේ පෙරවරු 10.29 ට පමණයි.
එය පෙරවරු 11.51 වන විට උපරිමයට ළගා වී,, පස්වරු 1.19 ට පමණ අවසන් විය.
ආතර් සී ක්ලාර්ක් ආයතනය සඳහන් කළේ, කොළඹ සිට නිරීක්ෂණය කරන විට උපරිම වශයෙන් සූර්යයාගේ මුහුණතෙහි 16.05% ක් චන්ද්‍රයාගෙන් ආවරණය වූ බවයි.