අප්‍රිකානු රටවල සේවය කළ ලාංකිකයින් 289 ක් දිවයිනට

අප්‍රිකානු රටවල සේවය කළ ශ්‍රී ලාංකිකයින් 289 දෙනෙකු දිවයිනට

by Staff writer 21-06-2020 | 7:18 AM

COLOMBO (News 1st) - අප්‍රිකානු මහද්වීපයේ රටවල සේවය කළ ශ්‍රී ලාංකිකයින් 289 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණ තිබේ.

කටුනායක ගුවන්තොටුපොළ කාර්යභාර කළමනාකාරවරයා සඳහන් කළේ, ශ්‍රීලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් ටැන්සානියාවේ සිට එම පිරිස කටුනායක ගුවන්තොටුපොළට පැමිණි බවය. මැඩගස්කර්, මොසැම්බික්, උගණ්ඩාව, කෙන්යාව, රුවණ්ඩාව සහ ටැන්සානියාව යන අප්‍රිකානු මහද්වීපයේ රටවල හෝටල් ක්ෂේත්‍රයේ රැකියාවල නියැලී සිටි පිරිසක් එම ගුවන් මගීන් අතර සිටින බව අප ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ ය. අප වාර්තාකරු පැවසුවේ, මෙම පිරිස PCR පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර එම පරීක්ෂණවල ප්‍රතිඵල ලැබෙන තෙක් හෝටල් කීපයක තාවකාලිකව නවාතැන් පහසුකම් සලසා දී ඇති බවයි.