ලිපින මැකුණු පාර්සල්වල තොරතුරු ලබා දීමට මලයාසියාව එකඟ වෙයි

ලිපින මැකුණු පාර්සල්වල තොරතුරු ලබා දීමට මලයාසියාව එකඟ වෙයි

ලිපින මැකුණු පාර්සල්වල තොරතුරු ලබා දීමට මලයාසියාව එකඟ වෙයි

කර්තෘ Staff writer

21 Jun, 2020 | 7:45 am

COLOMBO (News 1st) – නැව් මගින් මෙරටට එවා තිබූ ලිපින මැකී ඇති පාර්සල්වල තොරතුරු ලබා දීමට මලයාසියාව සිය එකඟතාව පළ කර තිබේ.

තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසුවේ, පාර්සල්වල තොරතුරු මලයාසියාවට යොමු කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවය.

එම කටයුතු කඩිනමින් අවසන් කර අදාළ තොරතුරු ලබා ගැනීමට පියවර ගන්නා බව ද ඔහු පැවසුවේ ය.

තැපැල්පතිවරයා සඳහන් කළේ, නැව් මගින් එවා තිබූ පාර්සල් 45,000 ක් අතුරින් 37,000 ක් පමණ ලිපින මැකී ඇති බවයි.

මලයාසියාව මගින් එම ලිපින නිකුත් කිරීමෙන් පසු අදාළ පාර්සල් ඒවායේ හිමිකරුවන්ට කඩිනමින් භාරදීමට පියවර ගන්නා බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]