මුහුදු පතුලෙන් හමුවූ තහනම් දැල්

මුහුදු පතුලෙන් හමුවූ තහනම් දැල්

by Staff writer 20-06-2020 | 5:52 PM

COLOMBO (News 1st) - වලෙයිතෝට්ටම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයෙන්, මුහුදේ ගිල්වා සඟවා තිබූ තහනම් දැල් 2ක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

සාගරික පරිසර පද්ධතිය සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් ඊයේ කළ මුර සංචාරයකදී එම තහනම් දැල් සොයාගත් බව නාවික හමුදාව පවසයි. එහිදී දිගින් මීටර 185ක පමණ ප්‍රමාණයෙන් යුත් තහනම් දැල් 2ක් සොයාගෙන තිබේ. එම තහනම් දැල් ඉදිරි විමර්ශන කටයුතු සඳහා ත්‍රීකුණාමලය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතය.   මේ අතර තලෙයිමන්නාරම ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේදී බලපත්‍ර නොමැතිව මසුන් ඇල්ලීමේ කටයුතුවල නිරතව සිටි පුද්ගලයන් තිදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.     නාවික හමුදාව විසින් පෙරේදා සිදුකළ මුර සංචාරයක් අතරතුර ඔවුන් අත්අඩංගුවට ගැනිණි. ඔවුන් 22 සහ 31 හැවිරිදි වියේ පසුවන තලෙයිමන්නාරම, පේසාලෙයි ප්‍රදේශයේ පදිංචිකරුවන් බව නාවික හමුදාව පවසයි. මීට අමතරව ඔවුන් සතු ඩිංගි යාත්‍රාවක් සහ අනෙකුත් ධීවර ආම්පන්න ද සමග නාවික හමුදාව භාරයට ගෙන තිබේ.