බස්නාහිර මෙහෙයුමකින් සැකකරුවන් 395ක් දැලේ

බස්නාහිර පළාතේ මෙහෙයුමකින් සැකකරුවන් 395 ක් අත්අඩංගුවට

by Staff writer 20-06-2020 | 3:18 PM

COLOMBO (News 1st) - බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කළ මෙහෙයුමකින් සැකකරුවන් 395 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

එම වැටලීමේදී සැකකරුවන් සතුව තිබී හෙරොයින්, ගංජා, නීති විරෝධී මත්පැන් සහ ගෝඩා බැරල් තොගයක් ද ඊයේ දිනය තුළ පොලීසිය භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් පිරිස අතරට වරෙන්තුකරුවන් 142 දෙනෙකු ද ඇතුළත් වේ.