COLOMBO (News 1st) - හංවැල්ල, ජල්තර ප්‍රදේශයේදී තවත් අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ රක්ෂිත බන්ධනාගාරතව සිටින පාතාල සාමාජිකයෙකු හා සම්බන්ධවෙමින් ප්‍රදේශයේ ජනතාවගෙන් අධික ලෙස කප්පම් ලබා ගැනීම ඇතුළු නීතිවිරෝධී ක්‍රියාවන් රැසකට සම්බන්ධ 'පුයිටා' නැමැති පුද්ගලයෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ඔහු සතුව තිබී කඩුවක් සහ ටී 56 අවි සඳහා භාවිත කරන උණ්ඩයක් ද සොයාගෙන තිබුණි.
------------------------------------
මේ අතර, රාගම, හොරපේ ප්‍රදේශයේදී විදේශ රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක්, තහනම් පිහියක් සහ ගංජා මිලිග්‍රෑම් 150 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ රාජගිරිය විශේෂ කාර්යය බලකා නිලධාරීන්ට ලද තොරතුරක් මත කළ වැටලීමකදී රාගම, මඟුල්පොකුණ ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවය.
සැකකරු දේපොළ කොල්ලකෑම්, මරණ තර්ජනය කිරීම් ආදි සිද්ධීන් කිහිපයකට සම්බන්ධ අයෙකි.
ඔහුට විරුද්ධව ගම්පහ සහ වැලිසර අධිකරණවලින් වරෙන්තු 2ක් නිකුත් කර ඇතැයි ද පොලීසිය සඳහන් කළේය.
සැකකරු වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු පැය 72 ක රැඳවුම් නියෝග ලබාගත් බව පොලීසීය සඳහන් පවසයි.
colombo:
කොළඹ
English - Sinhala