තවමත් ගණනය නොකළ මැතිවරණ විදයම

තවමත් ගණනය නොකළ මැතිවරණ විදයම

by Chathuranga Rajapaksha 20-06-2020 | 6:50 PM
COLOMBO (News 1st): මෙවර මහ මැතිවරණය සඳහා වියදම් වන මුදල් ප්‍රමාණය තවමත් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. ඔහු ඒ බව පැවසුවේ අද පැවති මාධ්‍ය හමුවකදීය. සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ මැතිවරණයට පෙර ඡන්ද ගණන් කිරීමේ පෙරහුරු ද මෙවර සිදු කිරීමට සිදුවන බවය. කොරෝනා වසංගතය හේතුවෙන් සෞඛ්‍ය අංශ ලබාදුන් නිර්දේශත් ක්‍රියාත්මක කිරීමට ඇති බැවින් තවමත් නිශ්චිතව වියදම සඳහන් කළ නොහැකි බව ඔහු කියා සිටියේය. නමුත් ඉදිරි සති දෙක තුළ නිශ්චිත වියදම ගණනය කිරීමේ හැකියාවක් ලැබෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.‍