කොරෝනා ආසාදිතයින් ගණන 1950ක් දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයින් ගණන 1950යි, 1446කට සුවයි

by Staff writer 20-06-2020 | 6:33 AM
COLOMBO (News 1st) : මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1950 දක්වා ඉහළ ගොස් තිබේ. සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ, ඊයේ නව ආසාදිතයින් තිදෙනෙකු හඳුනා ගත් බවයි. ආසාදිතයින් තිදෙනා වාර්තා වන්නේ, කුවේට සිට පැමිණ ත්‍රිකුණාමලය හා, මින්නේරිය නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටි දෙදෙනෙකු සහ ඉන්දියාවේ මුම්බායි සිට කටාර් බලා යාමට පැමිණි මගීයෙකු ලෙසයි. කොරෝනා ආසාදිතයින් 25 දෙනෙකු සුවය ලබා ඊයේ රෝහල්වලින් පිටව ගිය අතර මෙරට සුවය ලැබූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 1446 කි.