මුල්කිරිගල පර්වත මුදුනට බුදු පිළිම වහන්සේ වැඩම කරවූ ගුවන් මෙහෙයුම

මුල්කිරිගල පර්වත මුදුනට බුදු පිළිම වහන්සේ වැඩම කරවූ ගුවන් මෙහෙයුම

කර්තෘ Sagarika Chathumali

20 Jun, 2020 | 12:40 pm

COLOMBO (News 1st) : අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පරිත්‍යාග කරන ලද ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ඊයේ මුල්කිරිගල රජමහා විහාරස්ථානය වෙත ගුවනින් වැඩම කරවී ය.

ගුවන් හමුදාව මුල්කිරිගල රාජමහා විහාර පර්වත මුදුනේ තැන්පත් කිරීම සඳහා මෙම ශෛලමය ප්‍රතිමා වහන්සේ වැඩම කරවනු ලැබුවේ, එම්. අයි. 17 වර්ගයේ හෙළිකොප්ටර් යානායක් යොදා ගනිමිනි.

වීරකැටිය රාජපක්ෂ ක්‍රීඩාංගණයේ සිට ගුවන් සැතපුම් 3 කට ආසන්න දුරක් ගුවනින් වැඩම කරවූ අඩි 8 උසින් යුත් මෙම බුද්ධ ප්‍රතිමාවේ බර කිලෝ ග‍්‍රෑම් 3500 ආසන්න ය.

මේ අතර ගුවන් හමුදා ඉතිහාසයේ එම්. අයි .17 යානයකින් වැඩිම බර ප‍්‍රමණයක් රැගෙන ගිය අවස්ථාව ද මෙය වේ.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් හා අධීක්ෂණය යටතේ සිදුකළ මෙම මහඟු පිං කටයුත්ත සඳහා ගුවන් හමුදා නිලධාරීන් 20 ක පමණ පිරිසක් එක්ව සිටියහ.

විහාර පර්වත මුදුනේ තැන්පත් කෙරුණු ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ පූජෝත්සවය ඇසළ පුන් පොහෝදා සිදු කිරීමට නියමිතයි.

 

 

ඡායාරූප : රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]