උස්වැටකෙයියාව මුහුදේ නාන්න ගිය 17 හැවිරිදි තරුණයෙකු අතුරුදන්

උස්වැටකෙයියාව මුහුදේ නාන්න ගිය 17 හැවිරිදි තරුණයෙකු අතුරුදන්

උස්වැටකෙයියාව මුහුදේ නාන්න ගිය 17 හැවිරිදි තරුණයෙකු අතුරුදන්

කර්තෘ Staff writer

20 Jun, 2020 | 10:59 pm

COLOMBO (News 1st) – වත්තල , උස්වැටකෙයියාව මුහුදේ දිය නෑමට ගිය තරුණයෙකු අතුරුදන්ව තිබේ.

පොලීසිය පැවසුවේ, අද පස්වරුවේ තවත් මිතුර මිතුරියන් 4 දෙනෙකු සමග ඔහු දිය නෑමට ගොස් ඇති බවයි.

රළ පහරට හසුවූ මෙම තරුණයින් පිරිස මුහුදට ගසා ගෙන ගොස් ඇතැයි පොලීසිය පැවසුවේය.

ඉන් හතර දෙනෙකු බේරා ගැනීමට නාවික හමුදාව, පොලීසිය සහ ප්‍රදේශවාසීන් සමත්ව තිබේ.

පොලීසිය සඳහන් කළේ, අනතුරින් 17 හැවිරිදි අයෙකු අතුරුදන්ව ඇති බවයි.

සෙසු පිරිස ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කර ඇතැයි, පොලීසිය ප්‍රකාශ කළේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]