ලෝක කුසලානය පාවාදීමේ ප්‍රකාශය ගැන පැමිණිල්ලක්

2011 ක්‍රිකට් ලෝක කුසලානය පාවාදීම පිළිබඳ ප්‍රකාශයට ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්ගෙන් පැමිණිල්ලක්

by Chathuranga Rajapaksha 19-06-2020 | 2:16 PM
COLOMBO (News 1st): 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සමග ශ්‍රී ලංකාව පැවති අවසන් මහා තරගය මුදලට හෝ වෙනයම් දෙයකට පාවා දුන් බවත්, ඒ පිළිබදව පැහැදිලි සාක්ෂි තමන් සතුව පවතින බවත් එවකට ක්‍රීඩා ඇමති වශයෙන් කටයුතු කළ මහින්දානද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.ඒස්.රුවන්චන්ද්‍ර මහතා විසින් ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ වර්තමාන ක්‍රීඩා විෂය භාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් පැමිණිල්ලක් කරන ලෙසට අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දුන් බව ය. ඒ අනුව මෙම පැමිණිල්ල අමාත්‍යාංශ ලේකම්වරයා විසින් කරනු ලැබ තිබේ. මෙම විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් සෑම සති 02 කට වරක්ම තමා වෙත වාර්තාවක් ලබා දෙන ලෙස ද ලේකම්වරයා මෙහිදී සදහන් කර තිබෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.