by Sagarika Chathumali 19-06-2020 | 4:29 PM
COLOMBO (News 1st) : කොරෝනා ව්‍යාප්තිය ඉහළ යාමත් සමග ඉන්දියාවේ, චෙන්නායි නරගය සහ ආසන්න දිස්ත්‍රික්ක තුනක් යළි වසා දැමීමට තමිල්නාඩු ප්‍රාන්ත බලධාරීන් පියවර ගෙන තිබේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, කොරෝනා ව්‍යාප්තිය හමුවේ ජුනි 30 දක්වා චෙන්නායි ඇතුළු දිස්ත්‍රික්ක මෙලස වසා දමා ඇති බවයි.
කෙසේ වෙතත් රෝහල්, රසායනාගාර, ඖෂධ අලෙවිසල් ඇතුළු අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන ඇතුළු සිල්ලර භාණ්ඩ අලෙවිසල්, ඉන්ධන හල්, විවෘතව තැබිය හැකියි.
ආහාර බෙදා හැරීම, ආහාර මිලදී ගැනීම සඳහා සීමාකිරීම් යටතේ ආපනශාලා ද විවෘත තැබේ.
රාජ්‍ය ආයතන සහ බැංකු විවෘත කර තැබිය හැකි වුව ද ගෙන්වා ගත හැක්කේ, 33%ක තරම් සීමාසහිත කාර්ය මණ්ඩලයක් පමණි.
මෙම මාසයේ මුල් භාගය වන විටත් ඉන්දියාවේ වෛරසය දැඩි ලෙස ව්‍යාප්ත වෙමින් පැවති අතර එවන් පසුබිමකදී සීමා ලිහිල් කිරීමට එරට බලධාරීහු පියවර ගත්හ.
මේ අතර 50,000 ක් පමණ වූ තමිල්නාඩුවේ කොරෝනා ආසාදිතයින් අතරින් 37,000 කට වැඩි පිරිසක් වාර්තා වන්නේ චෙන්නායි නගරයෙනි.
මේ වනවිට ලෝකයේ කොරෝනා ආසාදිතයින් වැඩිම රටවල් අතර ඉන්දියාව සිව් වන ස්ථානයේ පසු වන අතර එරට ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 4කට ආසන්න වෙමින් පවතින්නේ මරණ සංඛ්‍යාව ද 12000 පසු කරමින් සිටින පසුබිමකදී ය.
තමිල්නාඩුවේ අගනුවර වන චෙන්නායි ඉන්දියාවේ විශාලතම නගර අතරින් 6 වන ස්ථානයේ පසු වේ.