COLOMBO (News 1st) : කොරෝනා වෛරසය නිසා රට වසා දමා තිබූ කාලයේ ගල්කිස්ස වෙරළ තීරයේ කෘත්‍රිමව සිදුකළ වැලි පොම්ප කිරීම බොහෝ දෙනාගේ කතාබහට ලක්විය.
බොහෝ පිරිස් පුදුමයට පත්වුණේ විශාල වියදමක් දරමින් , එවන් පාරිසරික සංවේදී ක්‍රියාවක් හදිසියේ සිදුකරන්නේ ඇයි ද යන්නයි.
මේ පිළිබඳව ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ජනතා විමුක්ති පෙරමුනේ ප්‍රචාරක ලේකම් අදහස් පළ කළේ ය.
ටිල්වින් සිල්වා මහතා පැවසුවේ, රුපියල් 890ක මහජන මුදල් මුහුදට සේදී යද්දී තිබූ වෙරළත් අහිමි වූ බවයි.
''රුපියල් මිලියන 890ක් වියදම් කරලා ගල්කිස්සේ මුහුද ගොඩ කරනවා .මුහුද ගොඩ කරලා සතියකින් ආයේ මුහුදටම යනවා .තිබිච්ච වෙරළත් ඇත්තේ නැහැ . එතකොට මහ මුහුදට රුපියල් 890ක් වියදම් කරලා දෙන්න පුළුවන් සුටුස් ගාලා .සතියෙන් දෙකෙන් . ඒකට වගකියන්න කව්රුත් නැහැ .හිරේ යන්න කව්රුත් නැහැ . ප්‍රශ්න කරන්න කව්රුත් නැහැ .දඩුවම් විදින්න කව්රුත් නැහැ . හැබැයි ජනතාව මත බර පටවනවා ඒ ඔක්කොම අල්ලලා .මේ නාස්තිය වංචා දූෂණ නිසා ඇති වෙන ආර්ථික අර්බුදයේ බර ජනතාව මත පැටවීමක් මේ කරමින් යන්නේ''
https://www.facebook.com/NewsfirstSL/videos/1112041805836234/