බස් එකේ වෙලාව දැනගන්න මොබයිල් ඇප් එකක්

බස් එකේ වෙලාව දැනගන්න ලබන සතියේ සිට මොබයිල් ඇප් එකක්

by Staff writer 19-06-2020 | 12:06 PM

COLOMBO (News 1st) - මගීන්ට පොදු ප්‍රවාහන සේවා බස් රථ කාලසටහන් ලබාගත හැකි ජංගම දුරකතන යෙදවුමක් ලබන සතියේ හඳුන්වා දෙන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය පවසයි.

මගීන්ට ප්‍රමාදයකින් තොරව පොදු ප්‍රවාහන සේවා ලබා ගැනීමට අවස්ථාව සැලසීම එහි අරමුණයි. ඒ අනුව බස් රථ පැමිණෙන වේලාව, අදාල බස්රථය තිබෙන ස්ථානය ආදී සියලු තොරතුරු එම ජංගම දුරකතන යෙදවුම හරහා මගීන්ට ලබාගත හැකි වනු ඇති. මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කළේ, ජාතික ගමනාගමන කොමිසම, මේ වන විටත් එම යෙදවුම සකස් කර අවසන් බවයි.