බන්ධනාගාර අපරාධකරුවන්ගේ ක්‍රීඩා පිටියක් බවට පත්වෙලා - නීතිපති

by Chathuranga Rajapaksha 19-06-2020 | 12:57 PM

* බන්ධනාගාර අපරාධ සිදු කිරීමේ අභ්‍යාස විද්‍යාලයක් බවට පත්වෙලා

* බන්ධනාගාර තුළ විනයක් නැහැ

* ප‍්‍රබල අපරාධ සංවිධානය වෙන්නේ බන්ධනාගාර තුළින්..

* බන්ධනාගාර නිලධාරීන් පණිඩුඩකරුවන් වෙලා..

COLOMBO (News 1st): දැන් පවතින බන්ධනාගාර අපරාධකරුවන්ගේ ක්‍රීඩා පිටියක් බවට පත්ව තිබෙන බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා පවසයි. බන්ධනාගාරවල නීතියේ ආධිපත්‍ය බිඳ වැටී තිබෙන බව ද නීතිපතිවරයා සඳහන් කළේය. ඔහු මේ බව පැවසුවේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ අද උදෑසන නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව පර්යේෂණ හා විශෝධන පුහුණු මධ්‍යස්ථානයේ පැවති සාකච්ජාවකදී බන්ධනාගාරගාර නිලධාරීන් අමතමින්ය. බන්ධනාගාර තුළ දූෂිත නිලධාරීන් පිරිසක් සිටින බවත් ඔවුන් හඳුනාගත යුතු බව ද නීතිපතිවරයා සඳහන් කළේය. බන්ධනාගාර තුළ විනයක් ‍නොමැති බවත් ප්‍රබල අපරාධ සියල්ල සංවිධානය වන්නේ බන්ධනාගාර තුළින් බවත් ඔහු කියා සිටියේය. ජංගම දුරකත භාවිත කරමින් මෙම ප්‍රබල අපරාධ ක්‍රියාත්මක වන බවත් එහි පණිඩුඩකරුවන් බවට පත්ව සිටින්නේ බන්ධනාගාර නිලධාරීන් බව ද නීතිපති දප්පුල ද ලිවේරා මහතා පැවසීය. එබැවින් යථාර්තය හඳුනාගෙන ඒ සඳහා ක්‍රියාත්මක විය යුතු බව නීතිපතිරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය. https://www.youtube.com/watch?v=5fBsd--BGCw&feature=youtu.be