නාවික හමුදාව යාපනයේදී මි. 6 ක ගංජා වටලයි

නාවික හමුදාව යාපනයේදී මි. 6 ක ගංජා වටලයි

by Staff writer 19-06-2020 | 4:51 PM
COLOMBO (News 1st) : කේරල ගංජා කිලෝග්‍රැම් 58 ක් සමග සැකකරුවන් දෙදෙනකු යාපනය, කාකරතිව් දූපතේදී අත්අඩංගුවට ගෙන තිබේ. නාවික හමුදාව සඳහන් කළේ, එම ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 6 කට අධික බවයි. වැඩිදුර පරික්ෂණ සඳහා සැකකරුවන් යාපනය පොලීසියට භාර දෙන බව නාවික හමුදාව සඳහන් කළේ ය.