ඕස්ට්‍රේලියාවේ සයිබර් ප්‍රහාරයට චීනයට චෝදනා

ඕස්ට්‍රේලියාවට එල්ල වූ සයිබර් ප්‍රහාරය පිටුපස චීනය සිටින බවට චෝදනා

by Staff writer 19-06-2020 | 7:35 AM

COLOMBO (News 1st) - ඕස්ට්‍රේලියාවේ ක්ෂේත්‍ර කිහිපයක් ඉලක්ක කර එල්ල වූ සයිබර් ප්‍රහාරය පිටුපස චීනය සිටින බවට එරට රජය විශ්වාසය පළ කරමින් අවධාරණය කළේය.

මෙම සයිබර් ප්‍රහාරය එල්ල වූයේ එරට රාජ්‍ය ආයතන, අත්‍යාවශ්‍ය සේවා හා ව්‍යාපාරික ආයතන ඉලක්ක කර ගනිමිනි. ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා පැවසුවේ රජයේ සියලු ඒකකවලට එම සයිබර් ප්‍රහාරයෙන් බලපෑම් එල්ල වී ඇති බවය. අවශ්‍ය තාක්ෂණික ආරක්ෂක යෙදුම් කඩිනමින් භාවිත කරන්නැයි බලපෑමට ලක්ව ඇති සියලු අංශවලින් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා ඉල්ලා සිටියේය.