by Staff writer 19-06-2020 | 10:28 PM
COLOMBO (News 1st) : ගෝඨාභය රාජපක්ෂ මහතා මහජනයාගේ මුදල් නාස්ති නොකර වෙනස් නායකයෙක් බව විමල් වීරවංශ මහතා පවසයි.
වීරවංශ මහතා මේ බව පවසන්නේථ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ඔහුගේ පාක්ෂික හමුවකදී ය.
ඔහු එහිදී පැවසුවේ, සිය කාර්ය මණ්ඩලය, වාහන සංඛ්‍යාව ද අවම කළ ජනාධිපතිතුමා අවම වශයෙන් මහජන මුදලින් ආහාර වේලක් හෝ ලබා නොගන්නා බවයි.
කැබිනට් හමුවකින් අනතුරුව තමන් ඇතුළු ඇමතිවරුන් කිහිපදෙනෙකුට කුසගිනි නිසා මුහුණ දුන් සිදුවීමක් ද වීරවංශ මහතා එහිදී සිහිපත් කළේ ය.
වීරවංශ මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ, මහජන මුදල් නාස්ති නොකරන ජනාධිපතිතුමා අනෙකුත් පිරිසට ද ඊට ඉඩ නොතබන බවයි.
https://www.facebook.com/NewsfirstSL/videos/1128846467487452/