බෝගොල්ලාගම සහ එමිල් රංජන් අද ජනපති කොමිසමට

රෝහිත බෝගොල්ලාගම සහ එමිල් රංජන් ළමාහේවා අද ජනපති කොමිසමට

by Staff writer 18-06-2020 | 8:11 AM

COLOMBO (News 1st) : හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවට අද කැඳවා තිබේ.

ඒ, පසුගිය ආණ්ඩු සමයේ විවිධ හේතූ පදනම් කරගනිමින් තමාට එරෙහිව දේශපාලන පිළිගැනීම් ක්‍රියාත්මක වූ බවට ඔහු කළ පැමිණිල්ලකට අදාළව සාක්ෂිදීම සඳහා ය. මේ අතර හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයෙකු වූ එමිල් රංජන් ළමාහේවා මහතා ද අද දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දීමට නියමිතව තිබේ. ඒ, වැලිකඩ ගැටුම සම්බන්ධයෙන් අසත්‍ය සාක්ෂි පදනම් කරගනිමින් තමාට එරෙහිව නඩු පවරා ඇති බවට ඔහු ඉදිරිපත් කර ඇති පැමිණිල්ලකට අදාළවයි. රෝහිත බෝගොල්ලාගම සහ එමිල් රංජන් ළමාහේවා යන මහත්වරුන් අදාළ පැමිණිලි සම්බන්ධයෙන් මීට පෙර ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවේ ප්‍රකාශ ලබා දුන්නේ ය.