මහ මැතිවරණය ත් සමග MCC යළිත් කරළියට

මහ මැතිවරණය ත් සමග MCC යළිත් කරළියට

by Staff writer 18-06-2020 | 8:30 PM
COLOMBO (News 1st) : MCC ගිවිසුම පිළිබඳව අදත් කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සංවාදයක් ඇතිවිය. එහිදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවුසවේ, ලෝකයේ ඕනෑම රටක් සමග රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි හෝ නීතියට පටහැනි කිසිම ගිවිසුමක් අත්සන් නොකරන බවට ආණ්ඩුව රට හමුවේ ප්‍රතිඥා දී ඇති බවයි. එමෙන්ම ආණ්ඩුව MCC ගිවිසුම අත්සන් කරන බවට ගෙන යන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නොමැති බව ද ඔහු පැවසී ය.
''විශාල ප්‍රාචාරයක් ගෙනයනවා මේ එම් සී සී ගිවිසුමක් අත්සන් කනවා කියලා මේක සම්පූර්ණ සාවාද්‍යක්. මේ එම්.සී.සී ගිවිසුම එක්සත් ජාතික පක්ෂ රජය විසින් තමයි සකස්කලේ මිලියන 48 කට මේ රටේ ස්වරීත්වය භෞමික අඛණ්ඩතාව හා වෙනත් දේ සම්භන්දයෙන් හානිකර අන්දමින් අත්සන් කළ බවට එදා විපක්ෂය විසින් අපි ඉතා බරපතල විදිහට චෝදනා කරලා තමයි ඒ අත්සන් කරන්න හදපු එක නතර වෙලා තියෙන්නේ. රජය පැහැදිලි තීන්දුවක් ගත්තා මේ ගිවිසුම විතරක් නෙවෙයි ලෝකේ ඕනෑම රටක් රාජ්‍යක් සමග රටේ ආණ්ඩුක්‍රම ව්‍යස්තාවට පටහැනි හෝ නීතියට පටහැනි කිසිම ගිවිසුමක් මොනම ජගතෙක් සමගවත් අත්සන් කරන්නේ නෑ කියන ප්‍රතිඥාව රට හමුවේ දීලා තියෙනවා.ඇමරිකා එක්සත් ජනපදය වේවා චීනය වේවා ආදාර දෙන ඕන රටක් සමග අපි සාකච්ජා කරලා රටට අවශ්‍ය ප්‍රධානයක් ලැබෙනවා නම් ග්‍රාන්ට් එකක් එක ලබාගැනීමේදී එක ලබාගැනීමේදී අපිට ඇමරිකාව චීනය ප්‍රංශය ජමනිය කියලා වෙනසක් නෑ ඒ සඳහා විශාල ගිවිසුම් ප්‍රමාණයක් අත්සන් කරනවා''
MCC ආයතනයෙන් ලබා ගැනීමට යෝජනාවන ඇමරිකානු ඩොලර් මිලියන 480 ප්‍රදානයකි. එහෙත් මෙම ප්‍රදානයේ ඇති මූලිකම ප්‍රශ්නය මේ මුදල් යෙදවිය යුත්තේ, ඔවුන් කියන ව්‍යාපෘති දෙකකට වීමයි. එකක් රටේ ප්‍රවාහන පද්ධතිය වැඩි දියුණු කිරීම අනිත් කරුණ රටේ ඉඩම් සම්බන්ධ නීතිරීතී ප්‍රතිසංස්කරණය කරමින් නවීන තාක්ෂණයට අනුකූල ක්‍රමවේදයක් සකස් කිරීම. ඒ අනුව මෙය ප්‍රදානයක්ද නැත්නම් ඔවුන් කියන විදිහට වැඩ කිරීමට සිදුවන ව්‍යපෘතියක්ද යන සැකය මතුවේ. කෙසේ වෙතත් ඇමරිකානු තානාපති කාර්යාලයෙන් අප ඊයේ කළ විමසීමට ප්‍රතිචාර දක්වමින් ඔවුන් කියා සිටියේ MCC ගිවිසුම යළි සමාලෝචනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය කල් ඉල්ලා ඇති බවයි. ඇමරිකා එක්සත් ජනපදය මෙම ඉල්ලීමට ගරු කරන බව තානාපති කාර්යාලය එහිදී වැඩිදුරටත් කියා සිටියේ ය. අද කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් සහ කැබිනට් ප්‍රකාශකවරයා අතර ඇති වු සංවාදය පහතින්... ප්‍රශ්නය :- MCC එක අත්සන් කරන්නේම නැද්ද? පිළිතුර :- (බන්දුල ගුණවර්ධන) ආණ්ඩුව තීරණයක් ගත්තා මොනම හේතුවක් නිසාවත් කුමන රටක් සමගවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවට පටහැනිව සහ රටේ නීති පද්ධතියට පටහැනි කිසිම ගිවිසුමක් අත්සන් කරන්නේ නෑ. ප්‍රශ්නය :- ඒ කියන්නේ සංශෝධනය කරලා සුදුසු නම් අත්සන් කරනවා එහෙම ද ? පිළිතුර :- (බන්දුල ගුණවර්ධන) ඕන ගිවිසුමක් ප්‍රශ්නය :- MCC එක ඇතුළුව පිළිතුර :- (බන්දුල ගුණවර්ධන) එම් සී සී එක ආයේ එන්නේ නෑනේ එම් සී සී ගිවිසුම ඉවරයි අත්සන් කලේ නෑනේ කවුරුත්. ප්‍රශ්නය :- ඒක සංශෝධනය කරලා අත්සන් කරන්න බලාපොරොත්තු පිළිතුර :- (බන්දුල ගුණවර්ධන) එක සංශෝධනය කරන්න ඕනේ නෑනේ. ප්‍රශ්නය :- එක වෙන නමකින්වත් එනවද MCC ගිවිසුම පිළිතුර :- (බන්දුල ගුණවර්ධන) ඇමරිකා එක්සත් ජනපදය සමඟ හෝ චීනය සමග හෝ කොරියාව සමඟ හෝ ආධාර එනකොට මෙහෙම ගිවිසුම් එනවා අවම කැබිනට පත්‍රිකාව ලැබුනාම ඔබ තුමන්ට ඇවිල්ලා කියනවා මෙන්න මෙහෙම එකක් තියෙනවා මේක අත්සන් කරනවා කියලා. එතකම් ඉවසිල්ලෙන් හිටියාම හරි ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසුවේ,  උද්ගතව ඇති තත්ත්වය හමුවේ MCC අත්අසන් කිරීමට සිදුව ඇති බවයි.
''එම් සී සී ගිවිසුම බරපතල හානියක් තමයි.හැබැයි ඒ තියෙන එකටත් වඩා වැඩි බිල්ලෙක් මැව්වා. දැන් වෙලා තියෙන්නේ මොකද්ද මේක අත්සන් කරන්න සිද්ධ වෙලා. අත්සන් නොකර බැරි වෙලා. මේක අත්සන් කරනවා අපි දන්න තාලෙට නම්. නමුත් ඒක අත්සන් කිරීම ප්‍රමාද කරනවා මේ ඡන්දය කට උඩ තියෙන නිසා. ඒ නිසා පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වෙච්ච ගමන්ම ඔය ඔක්කොම ගිවිසුම් ටික අත්සන් කරනවා කියලා අපි විශ්වාස කරනවා''
සමගි ජන බලවේගයේ අපේක්ෂක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඒ සම්බන්ධයෙන් පළ කළේ මෙවැනි අදහසකි.
''අමෙරිකන් තානාපතිතුමිය කියනවා. මේක සාමාලෝඡනය කරනවා කියලා . ආණ්ඩුවත් කියලා තියෙනවා මේක සමාලෝචනය කරනවා කියලා. ඒ කාලේ කිව්වේ නැහැනේ සමාලෝඡනයක් ගැන ඒ කාලේ කිව්වේ ඉරලා දානවා. දැන් අමෙරිකාවත් එක්ක ශේප් වෙන්න හදනවා.ඊයේ පෙරේදා අමෙරිකන් තානාපති කාර්යාලය ඉදිරියේ පෙරටුගාමී විරෝධතාවයට පහරදුන්නේ අමෙරිකාව ෂේප් කරගන්න.මොකද ආණ්ඩුවට දැන් සල්ලිත් නැහැ. සමහර විට මේක ඉක්මනට අත්සන් කරලා , අමෙරිකාවෙන් ඩොලර් මිලියන 500ක් හම්බුවෙනවා කිව්වනේ.සමහර විට ඒක ගන්න අත්සන් කරයි'' https://www.facebook.com/NewsfirstSL/videos/880187999160749/