'කුඩු තිලාන්'ට මරණ දඬුවම

බත්තරමුල්ලේදී ඇල්ලූ 'කුඩු තිලාන්'ට මරණ දඬුවම

by Staff writer 18-06-2020 | 3:41 PM
COLOMBO (News 1st) : කුඩු තිලාන් නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවාට කොළඹ මහාධිකරණය අද මරණ දඬුවම නියම කළේ ය. ඒ, හෙරොයින් ග්‍රෑම් 274.68 ක් සන්තකයේ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කරමිනි. 2014 වසරේ ජුනි 20 වැනිදා බත්තරමුල්ල ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය කළ වැටලීමකදීයි.