පපුවට තට්ටු කරලා අහගන්න... කාගෙ ද වැරැද්ද?

පපුවට තට්ටු කරලා අහගන්න... කාගෙ ද වැරැද්ද? - ආරක්ෂක ලේකම්

by Staff writer 18-06-2020 | 9:04 PM
COLOMBO (News 1st) : අනාගත පරම්පරාව වෙනුවෙන් සිය යුතුකම ඉෂ්ට කිරීමට බන්ධාගාර නිලධාරීන් ප්‍රමාද නැති බව ආරක්ෂක ලේකම්, විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසයි. බන්ධනාගාර නිලධාරීන් වෙනුවෙන් කොළඹ පැවති වැඩමුළුවක් අමතමින් ඔහු කියා සිටියේ තවදුරටත් වැරදි සිදු කළ හොත් වෙනස් ආකාරයේ ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවයි. දැනටමත් බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනෙකු පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇති බව ද ආරක්ෂ ලේකම්වරයා එහිදී සඳහන් කළේ ය. තව ද ඔහු බන්ධනාගර නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ, සිරගෙය තුළ අක්‍රමිකතා සිදුවීමට ඉඩ නොදී සෑම දෙනාට එක සේ සලකමින් සිරකරුවන්ට යුතුකම ඉෂ්ට කරන ලෙසයි. https://www.facebook.com/NewsfirstSL/videos/941859186276638/