UPDATE : කොරෝනා ආසාදිතයින් ගණන 1,928ක් දක්වා ඉහළට

UPDATE : කොරෝනා ආසාදිතයින් ගණන 1,928ක් දක්වා ඉහළට

by Staff writer 18-06-2020 | 10:20 PM
COLOMBO (News 1st) 10.20Pm : තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනකු හඳුනාගෙන තිබේ. එලෙස හඳුනාගෙන ඇත්තේ, කටාර් සිට පැමිණි පිරිස අතරිනි. ඒ අනුව මෙරටින් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 1,928ක් දක්වා ඉහළ යනු ඇති. ............................................................................................................................................................................................. COLOMBO (News 1st) : තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගෙන තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, ඉන් එක් පුද්ගලයෙකු ලන්ඩන් සිට පැමිණ රාජගිරිය නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටියදී හඳුනාගෙන ඇති බවයි. අනෙක් ආසාදිතයා පිටිපන නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි රුසියාවේ සිට පැමිණි අයෙකි. මෙම ආසාදිතයින් දෙදෙනා ද සමග මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1926ක් දක්වා ඉහළ යනු ඇති. ආසාදිතයින් 1421 දෙනෙකු සුවය ලබා ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 494කි.