by Staff writer 18-06-2020 | 6:21 PM
COLOMBO (News 1st) : මහ බැංකු අධිපති ධුරයෙන් තමා ඉල්ලා අස්වු බවට පළ වන වාර්තා අසත්‍ය සහ පදනම් විරහිත බව මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩි. ලක්ෂ්මන් මහතා පවසයි.
නිව්ස් ෆස්ට් කළ විමසිමකදි ඔහු කියා සිටියේ රජයේ බලධාරින් තමාගෙන් එවැනි ඉල්ලීමක් කර නොමැති බවයි.
තමාගේ ද එවැනි අදහසක් නොමැති බව මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ ය.