MCC ගිවිසුම යළි සමාලෝචනයට රජය කල් ඉල්ලයි

MCC ගිවිසුම යළි සමාලෝචනයට රජය කල් ඉල්ලයි - අමෙරිකානු තානාපති කාර්යාලය

by Staff writer 17-06-2020 | 1:19 PM

COLOMBO (News 1st) - MCC ගිවිසුම යළි සමාලෝචනය කිරිම සඳහා ශ්‍රී ලංකා රජය කල් ඉල්ලා ඇතැයි, කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය පවසයි.

තානාපති කාර්යාලය පවසන්නේ ඇමරිකා එක්සත් ජනපදය මෙම ඉල්ලීමට ගරු කරන බවයි. MCC ගිවිසුම සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, යොජිත මුදල ශ්‍රී ලංකාව වෙනුවෙන් දීර්ඝ කාලීනව වෙන් කර තැබීමට නොහැකි බවයි. MCC අරමුදල ප්‍රදානය කිරීම විවිධ සාධක මත පදනම් වන බවත් ශ්‍රී ලංකාට ඉහළ මධ්‍යම අදායම් ලබන රටක් බවට පත්වීමේ හැකියාව ඒ අතර ඇති බවත් තානාපති කාර්යාලය පවසයි. එහි ප්‍රකාශකයා සඳහන් කළේ, කෝවීඩ් 19 වසංගතය හමුවේ ඇතිව තිබෙන ආර්ථික පසුබෑම හේතුකර ගනිමින් මෙම අරමුදලෙන් මුල්‍ය ප්‍රතිපාදන ලැබීමට සුදුසු රටවල් කිහිපයක්ම ඉල්ලුම්කර ඇති බවයි. ප්‍රරවාහන පද්ධතිය වැඩි දියුණු කිරීම හා ඉඩම් නීති ප්‍රතිසංස්කරණ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 480 ක ප්‍රදානයක් ලබාදීමට අදාළව ඇමරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් MCC ආයතනය සමග ගිවිසුම් ගතවීමට පසුගිය රජය සමයේ යෝජනා විය. ඊයේ පුවත්පත් වාර්තාකර තිබුණේ, මැතිවරණයෙන් පසු මෙම ගිවිසුම සම්බන්ධයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව ඇමරිකානු තානාපතිවරිය සඳහන් කළ බවයි.   https://www.facebook.com/NewsfirstSL/videos/896161260903306/   https://www.facebook.com/NewsfirstSL/videos/1234202043417192/