''පෙරටුගාමීන් සමග එක්වීමට සූදානම්'' - අනුර කුමාර

JUST IN : පෙරටුගාමීන් සමග එක්වීමට සූදානම් බව ජවිපෙ නායකයා කියයි

by Staff writer 17-06-2020 | 4:31 PM
COLOMBO (News 1st) : ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ අරගලයේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂය සමග එක්ව කටයුතු කිරීමට සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. දිසානායක මහතා මේ බව සඳහන් කළේ, News1st NEWSLINE වැඩසටහන සමග එක්වෙමිනි. ජාතික ජනබලවේගය නම්, පොදු ව්‍යාපාරයේ පංගුකරුවන් වීමට පෙරටුගාමීන් කැමැත්තෙන් පසුවන්නේ නම්, ඊට ඔවුන්  සාදරයෙන් පිළිගන්නා බව ද ඔහු සඳහන් කළේ ය. දිසානායක මහතා එහිදී අවධාරණය කර සිටියේ, ඇතැම් දේශපාලන සිදුවීම්, ඇතැම් දේශපාලන චලනයන් වෙනස් කරනු ඇති බවයි.   https://www.facebook.com/NewsfirstSL/videos/814893919037686/   https://www.youtube.com/watch?v=IENIYPxL_vU&feature=youtu.be