පෙරටුගාමීගෙන් පොලිස් කොමිසමට පැමිණිල්ලක්

පෙරටුගාමීගෙන් පොලිස් කොමිසමට පැමිණිල්ලක්

by Staff writer 17-06-2020 | 9:51 PM
COLOMBO (News 1st) : පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇමරිකානු මර්දන ප්‍රතිපත්තිවලට එරෙහිව පැවැත්වීමට ගිය විරෝධයට එල්ලවූ බාධා ගැන විමර්ශනයක් ඉල්ලා අද පොලිස් කොමිසමට පැමිණිලි කළේ ය. ඔවුන් කියා සිටියේ පොලිස් නිලධාරීන්ගේ හැසීරීම දේශපාලන බලපෑමක් මත සිදු කළ පළිගැනීමක් හෝ බියගැන්වීමක් ද යන්න පිළිබඳව විමර්ශනයක් අවශ්‍ය බවයි. පැමිණිල්ල ගොනු කිරීමෙන් පසු මාධ්‍යට අදහස් දක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජාගොඩ ප්‍රශ්න කර සිටියේ, නිරෝධායන නීති කඩ කළ බවට නඩු පැවරීමට කටයුතු කරන පොලීසිය,  නීති කඩ කරමින් රටට ඇතුළු වූ අමෙරිකානු තානාපති නිලධාරියා සම්බන්ධයෙන් මේ වන විට ගෙන ඇති නීතිමය පියවර මොනවා ද යන්නයි.
''දැන් ප්‍රශ්නේ තියෙන්නේ නිරෝධායන නීති කඩ කෙරුවා කියලා අපිට විරුද්ධව නඩු පවරන්න පහරදෙන්න පොලිසිය කටයුතු කරනවා. අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාල නිලධාරියා ඔහු නිශ්චිත වශයෙන්ම ලංකාවේ නීතිය කඩ කළා. ඔහුට විරුද්ධව මේ වනවිට අරන් තියෙන පියවර මොකද්ද? ''
ඔහු වැඩිදුරටත් පැවසුවේ, අවම වශයෙන් ඔහු සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් හෝ සිදු කිරීමට කිසිදු පියවරක් ගෙන නොමැති බවයි.