මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු CID ය හමුවට

ප්‍රකාශයක් ලබාදීම සඳහා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු CID ය හමුවට

by Staff writer 17-06-2020 | 11:43 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දී තිබේ.

ඒ, ETI මුල්‍ය වංචාව සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවලට අදාළවයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසුවේ, අදාළ නිලධාරීන් ඊයේ පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශ ලබා දී ඇති බවය.