තමිල්නාඩුවේ රැඳී සිටි ලාංකිකයින් 53 ක් දිවයිනට

තමිල්නාඩු ප්‍රාන්තයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 53 දෙනෙකු දිවයිනට

by Staff writer 17-06-2020 | 11:41 AM

COLOMBO (News 1st) - ඉන්දියාවේ, තමිල්නාඩු ප්‍රාන්තයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 53 දෙනෙකු මෙරටට පැමිණ තිබේ.

ඒ, ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් විශේෂ යානයකිනි. චෙන්නායි සිට පැමිණි මෙම පිරිසට වැඩිහිටි ගුවන් මගීන් 51 දෙනෙකු සහ කුඩා ළමුන් 02 දෙනෙකු වන බව ගුවන්තොටුපොළ බලධාරීන් පැවසීය. එලෙස පැමිණි සියලු මගීන් කොරෝනා හඳුනා ගැනීමේ PCR පරීක්ෂණවලට යොමු කර තිබේ. පරීක්ෂණවල ප්‍රතිඵල ලැබෙන තෙක්, ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන්තොටුපොළ අවට හෝටල් කිහිපයක තාවකාලිකව නවාතැන් ගැනීමට පහසුකම් සලසා ඇතැයි ද ගුවන්තොටුපොළ බලධාරීන් පැවසීය.