ජීවන් තොණ්ඩමන් CWC මහ ලේකම් ධුරයට

ජීවන් තොණ්ඩමන් ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් ධුරයට

by Staff writer 17-06-2020 | 11:22 AM

COLOMBO (News 1st) - ලංකා කම්කරු කොංග්‍රසයේ නව මහ ලේකම්වරයා ලෙස ජීවන් තොණ්ඩමන් මහතා පත් කර තිබේ.

ලංකා කම්කරු කොංග්‍රසයේ භාණ්ඩාගාරික මරද පාණ්ඩි රාමේෂ්වරන් මහතා පැවසුවේ, පක්ෂයේ විධායක සභාව අද කොටගල දී රැස් වූ අවස්ථාවේදී මෙම පත් කිරීම් සිදු කළ බවය. එහිදී කම්කරු කොංග්‍රසයේ නියෝජ්‍ය නායකයා ලෙස අනූෂා සිවරාජා මහත්මිය පත් කෙරිණි. ඇය මෙතෙක් එම පක්ෂයේ මහ ලේකම්වරිය ලෙස කටයුතු කළා ය. කෙසේ වෙතත් අද පැවති රැස්වීමේදී ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ අභාවයෙන් හිස් වූ පක්ෂයේ නායකත්වය සඳහා කිසිවෙකුත් පත් කර නොමැත.