ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 17-06-2020 | 6:01 AM

දේශීය පුවත්

1. ”ලවර්ස් ලීප් ක්‍රීඩාංගණය හැදුවොත්, හයි ඇටිටියුඩ් ට්‍රේනිංවලට තියන හොඳම පිට්ටනික් වෙයි” – එස්.බී.: එස්.බී. දිසානායක හිටපු ඇමතිවරයා නුවරඑළියේ අනාගත සංවර්ධන සැලැස්ම ඊයේ පැවති මාධ්‍ය හමුවකදී හෙළි කළේ ය. 2. පාසල්වල සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමේ වැඩපිළිවෙළ ඇර‍ඹේ: පාසල් යළි විවෘත කිරීමට පෙර එහි සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමේ වැඩපිළිවෙළ ඊයේ සිට ආරම්භ කෙරිණ. 3. අමෙරිකානු බලපෑම් හෙළා දකිමින් විරෝධතා: ඊයේ යළි ත් කොළඹට රැස්වූ දේශපාලන, සමාජ හා වෘත්තීය ක්‍රියාකාරීන් විරෝධතාව මර්දනය කිරීමත් අමෙරිකානු මර්දන ප්‍රතිපත්ති හා බලපෑම් හෙළා දකිමිනුත් විරෝධය පළ කළේ ය. 4. ජනපතිගෙන් මහ බැංකුවට දොස්: ආර්ථිකමය වශයෙන් රට ගොඩනැගීමේ වගකීම පැහැර හැර ඇති මහ බැංකුව තම යෝජනා ද අවහිර කර ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජක්ෂ මහතා ප්‍රකාශ කළේ ය.

විදෙස් පුවත්

5. චීන සෙබළුන් සමග ඇතිවූ ගැටුම්වලින් ඉන්දීය සෙබළුන් 3ක් මරුට: ඉන්දීය සහ චීන සෙබළුන් අතර ඉන්දු කාශ්මීරයේ හටගත් ගැටුමකින් ඉන්දීය සෙබළුන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.