COLOMBO (News 1st)6.30PM : අද දිනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 9 දෙනෙකු වාර්තාවී තිබේ.
එම 9 දෙනා අතරින් 5 දෙනෙකු චෙන්නායි සිට පැමිණි පුද්ගලයින් වන අතර ඉතිරි සිව් දෙනා අතරින් දෙදෙනකු බංග්ලාදේශයේ සිට පැමිණ ඇති අතර අනෙක් ආසාදිතයින් දෙදෙනා නාවික හමුදා සෙබළුන් ය.
ඒ අනුව මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1924ක් දක්වා ඉහළ ගොස් තිබේ.
-------------------------------------------------------------------------------------------------------------------
COLOMBO (News 1st) : තවත් කොරෝනා ආසාදිතයින් 5 දෙනෙකු අද හඳුනා ගැනිණ.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ, චෙන්නායි සිට පැමිණි පස් දෙනෙකු කොරෝනා ආසාදිත බවට හඳුනා ගත් බවයි.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1920 ක් දක්වා ඉහළ ගියේ ය.
සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, මේ වන විට කොරෝනා ආසාදිතයින් 512 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බවයි.
මේ අතර ආසාදිතව සිටි තවත් 26 දෙනෙකු සුවය ලබා අද රෝහල්වලින් පිටව යාමත් සමග මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1397ක් දක්වා ඉහළ යනු ඇති.
