පහරදීමකින් තුවාල ලැබූ කංජිපානිගේ පියා රෝහලට

කංජිපානිගේ පියාට මාළිගාවත්තේදී පිරිසක් තියුණු ආයුධවලින් පහර දෙති

by Staff writer 17-06-2020 | 8:21 PM
COLOMBO (News 1st) : දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින කංජිපානි ඉම්රාන් නමැති පුද්ගලයාගේ පියාට කිසියම් පිරිසක් තියුණු ආයුධවලින් පහරදී තිබේ. පොලීසිය සඳහන් කළේ, මාලිගාවත්ත ජුම්මා මස්ජිත් මංසන්ධියේදි පුද්ගලයින් තිදෙනෙකු තියුණු ආයුධවලින් අදාළ පුද්ගලයාට පහරදී ඇති බවයි. පහරදිමෙන් තුවාල ලැබූ කංජිපානි ඉම්රාන්ගේ පියා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. ජාතික රෝහලේ ප්‍රකාශිකාවක සඳහන් කළේ, ඔහුගේ සිරුර පුරා කැපුම් තුවාල දක්නට ලැබෙන බවයි. මාර්ග රාජකාරියේ යෙදි සිටි පොලිස් නිළධාරියෙකු විසින් පහරදීමට පැමිණි අයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේ ය.