කොරෝනා නිසා මූල්‍ය ගැටලුවලට මුහුණ දුන් පළාත් පාලන ආයතනවලට රජයෙන් සහන

කොරෝනා නිසා මූල්‍ය ගැටලුවලට මුහුණ දුන් පළාත් පාලන ආයතනවලට රජයෙන් සහන

කොරෝනා නිසා මූල්‍ය ගැටලුවලට මුහුණ දුන් පළාත් පාලන ආයතනවලට රජයෙන් සහන

කර්තෘ Staff writer

17 Jun, 2020 | 7:26 am

COLOMBO (News 1st) – කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් මූල්‍ය ගැටලුවලට මුහුණ දී ඇති පළාත් පාලන ආයතන සඳහා සහන සැලසීමට රජය තීරණය කර තිබේ.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කළේ, පළාත් පාලන ආයතනවලින් 50% ක් පමණ කොරෝනා ව්‍යාප්තියත් සමග ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් මූල්‍ය ගැටලුවලට ලක්ව ඇති බවය.

මෙරට ක්‍රියාත්මක පළාත් පාලන ආයතන සංඛ්‍යාව 347 කි.

අමාත්‍යාංශය සඳහන් කළේ, එම ආයතනවලට වූ මූල්‍ය ගැටලු පිළිබඳ වාර්තාවක් කඩිනමින් ලබා දෙන්නැයි උපදෙස් දුන් බවය.

පළාත් පාලන කොමසාරිස්වරුන් මාර්ගයෙන් එම වාර්තා ලබා ගැනීමෙන් අනතුරුව අදාළ සහන සැලසීම සිදු කෙරෙනු ඇති.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]