කාර්මික විද්‍යාල හා වෘත්තිය පුහුණු මධ්‍යස්ථාන ජූලි 6 වැනි දා සිට විවෘත කෙරේ

කාර්මික විද්‍යාල හා වෘත්තිය පුහුණු මධ්‍යස්ථාන ජූලි 6 වැනි දා සිට විවෘත කෙරේ

කාර්මික විද්‍යාල හා වෘත්තිය පුහුණු මධ්‍යස්ථාන ජූලි 6 වැනි දා සිට විවෘත කෙරේ

කර්තෘ Staff writer

17 Jun, 2020 | 7:43 am

COLOMBO (News 1st) – කාර්මික විද්‍යාල, වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන හා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය ලබන මස 06 වැනි දා යළි විවෘත කිරීමට කම්කරු අමාත්‍යාංශය තීරණය කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශවලට යටත්ව කාර්මික විද්‍යාල විවෘත කිරීමට නියමිතය.

දැනට කාර්මික විද්‍යාල 39 ක් ක්‍රියාත්මක වේ.

ලේකම්වරයා පැවසුවේ, මෙම සමස්ත ආයතනවල 110,000 කට අධික සිසුන් පිරිසක් ඉගෙනුම ලබන බවයි.

මේ අතර ලබන 20 වැනි දා සිට සිනමා ශාලා යළි විවෘත කිරීමට අවසර ලබා දෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කළ බව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පැවසීය.

එහි ලේකම්වරයා පැවසුවේ, වේදිකා නාට්‍ය, සංගීත සංදර්ශන ඇතුළු ප්‍රාසාංගික කටයුතු ද අදියර කිහිපයක් යටතේ යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]