JUST IN : A/L විභාගය කල් දැමීම පිළිබඳ සලකා බැලේ

JUST IN : උසස් පෙළ විභාගය කල් දැමීම පිළිබඳ සලකා බැලේ

by Staff writer 16-06-2020 | 7:32 PM
COLOMBO (News 1st) : දැනට නියම කර ඇති පරිදි සැප්තැම්බර් 7 වනදා මෙවර උසස් පෙළ විභාගය පැවැත්වීම දරුවන්ට ආසාධාරණයක් නොවන පරිදි සලකා බලන්නැයි, අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අධ්‍යාපන ලේකම්වරයාට සහ විභාග කොමසාරි ජනරාල්වරයා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දී තිබේ. නිවේදනයක් නිකුත් කරමින්, අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ, කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් පාසල් පැවැත්වු දින ගණන සිමා වීම හා විෂය නිර්දේශ ආවරණය කිරිමට නොහැකිවීම හේතුවෙන් උසස් පෙළ සිසුන්ට මුහුණ දීමට සිදුවන අභියෝග සැලකිල්ලට ගනිමින් විභාගය කල් දමන ලෙසට බොහෝ පාර්ශව අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් සහ අමාත්‍යාංශයෙන් ඉල්ලීම් කර ඇති බවයි. එම ඉල්ලීම් විභාගයට මුහුණ දෙන දරුවන්ගේ සාධාරණ අයිතියක් ලෙස සලකා තවදුරටත් විමර්ශනය කරන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් දී තිබේ. එමෙන්ම ලබන මස 06 වනදා පාසල් ආරම්භ වු පසු මෙවර උසස් පෙළට පෙනී සිටින සිසුන්ගේ එම පන්තිවල ඉගැන්වීම් කරන ගුරුවරු හා විදුහල්පතිවරුගේ යෝජනා පුළුල් වශයෙන් සැලකිල්ලට ගනිමින් විභාගය පැවැත්වෙන දිනය පිළිබඳ අවසන් තීරණය පාසල් ආරම්භ කිරීමෙන් පසු එළඹෙන පළමු සති අන්තයේදීම ප්‍රකාශයට පත් කරන බව අමාත්‍යංශ ලේකම්වරයාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.