පාසල්වල සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමේ වැඩපිළිවෙළක්

පාසල්වල සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමේ වැඩපිළිවෙළ ඇර‍ඹේ

by Staff writer 16-06-2020 | 9:06 PM
COLOMBO (News 1st) : පාසල් යළි විවෘත කිරීමට පෙර එහි සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමේ වැඩපිළිවෙළ අද සිට ආරම්භ කෙරිණ. එක් වැඩසටහනක් පැවැත්වුණේ කොළඹ රාජකීය විද්‍යාලයේදී ය. කොළඹ රාජකීය විද්‍යාලයේ පන්තිකාමර පිරිසිදු කර විෂබීජහරණය ඇතුළු සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම ඇති කිරීම අද සිදු කෙරිණ. පොලිස් ක්‍රීඩා කොට්ඨාසය , කොළඹ මහනගර සභාව ඇතුළු ආයතන කිහිපයක දායකත්වය ලැබී තිබූ මෙම වැඩසටහනට සීමාසහිත කැපිටල් කැපිටල් මහාරාජා සංවිධානය ද මාධ්‍ය අනුග්‍රහයෙන් දායක විය. කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පසුගිය මාර්තු 13 වෙනිදා වසා දැමුණු මෙරට පාසල් පද්ධතිය මේ මස 29 වැනිදා සිට අදියර 4 ක් යටතේ යළි ආරම්භ කිරීමට මේ වන විට රජය තීරණය කර තිබේ. ඒ සඳහා පාසල්වල සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදවලට අදාළව විෂබීජහරණ කටයුතු හා යටිතල පහසුකම් ස්ථාපනය සිදු කළ යුතුයි. https://www.facebook.com/NewsfirstSL/videos/836102856797723/