තැපැල් ඡන්දයට දින නියම කෙරේ

තැපැල් ඡන්දයට දින නියම කෙරේ

by Staff writer 16-06-2020 | 6:05 PM

COLOMBO (News 1st) - මහ මැතිවරණයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මැතිවරණ කොමිසම දින නියම කර තිබේ.

ආයතන කිහිපයක හැර සෙසු තැපැල් ඡන්ද හිමියන්ට ලබන මස 14 සහ 15 දින තැපැල් ඡන්දය ප්‍රකාශ කළ හැකියි. දිස්ත්‍රික් ලේකම් කාර්යාල මැතිවරණ කාර්යාල, පොලීිසිය , ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව හා සෞඛ්‍යය අංශවල තැපැල් ඡන්ද හිමියන්ට තැපැල් ඡන්දය ප්‍රකාශ කිරිම සඳහා ලබන මස 16 සහ 17 දින දහවල් 12 දක්වා වෙන් කර ඇති බව මැතිවරණ කොමිසම නිවේදනය කළේ ය. මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, එම දිනවල තැපැල් ඡන්දය සලකුනු කිරිමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට ලබන මස 20 සහ 21 දිනවල තමන්ගේ සේවා ස්ථානයේ පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව සලසා ඇති බවයි. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට භාර දීම ලබන මස 11, 12 සහ 13 යන දිනවලදී සිදුකිරිමට කටයුතු යොදා තිබේ. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම ලබන මස 29 වනදා අවසන් වන බව, මැතිවරණ කොමිසම පැවසී ය. ලබන මස 29 වනදායින් පසුව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොලැබුණු ඡන්ද හිමියන්ට 2019 ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි ලිපිනයට අදාළ තැපැල් කාර්යාලය වෙත ගොස් ස්වකීය අනන්‍යනතාව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලබා ගත හැකි බවද, එම නිවේදනයේ සඳහන් ය. මේ අතර, තැපැල් ඡන්ද දායකයින්ගේ ලැයිස්තු සහතික කිරිම ලබන 18 වනදා සිදු කෙරෙන අතර තැපැල් ඡන්ද පත්‍රිකා තැපෑලට භාර දීම ලබන 30 , ලබන මස 01 සහ 02 දිනවලදී සිදුකෙරෙන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පැවසී ය.