UPTADE : කොරෝනා රෝගීන් සංඛ්‍යාව1915ක් දක්වා ඉහළට

UPTADE : කොරෝනා රෝගීන් සංඛ්‍යාව1915ක් දක්වා ඉහළට

by Staff writer 16-06-2020 | 9:45 PM
COLOMBO (News 1st) 9.45PM :  තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගෙන තිබේ. එම අසාදිතයින් දෙදෙනාත් සමග අද දිනයේ මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 8ක් දක්වා ඉහළ ගොස් ඇත. ඔවුන් අතරින් 6 දෙනෙකු නාවික හමුදා සෙබළුන් වන අතර ඉතිරි සිව් දෙනා හඳුනාගෙන ඇත්තේ, ඉරානයේ සිට පැමිණි පිරිස් අතරිනි. මෙ දක්වා මෙරටින් සමස්ත ආසාදිතයින් 1915ක් වාර්තා වී ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 533කි. ------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------ COLOMBO (News 1st) : අද දින මේ දක්වා කොරෝනා ආසාදිතයින් 8 දෙනෙකු හඳුනා ගෙන තිබේ. එම ආසාදිතයින් අතරින් 5 දෙනෙකු නාවික සෙබළුන් වන අතර ඉතිරි තිදෙනා ඉරානයේ සිට පැමිණි පුද්ගලයින් අතරින් හඳුනා ගෙන ඇත. මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,913ක් දක්වා ඉහළ ගොස් තිබේ.
COLOMBO (News 1st) : තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු හඳුනා ගෙන තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, ඔවුන් ඉරානයේ සිට පැමිණි පුද්ගලයින් අතරින් හඳුනාගෙන ඇති බවයි. ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1908ක් දක්වා ඉහළ යනු ඇති.