ජනපතිගෙන් මහබැංකුවට දොස්

ජනපතිගෙන් මහබැංකුවට දොස්

by Staff writer 16-06-2020 | 7:44 PM
COLOMBO (News 1st) : ආර්ථිකමය වශයෙන් රට ගොඩනැගීමේ වගකීම පැහැර හැර ඇති මහ බැංකුව තම යෝජනා ද අවහිර කර ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජක්ෂ මහතා අද ප්‍රකාශ කළේ ය. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද පෙරවරුවේ මහබැංකුවේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදීයි. මහබැංකු නිලධාරීන් හමුවේ ජනාධිපතිවරයා පැවසුවේ, තමා දී ඇතා ක්‍රමවේදයට ක්‍රියා කළ නොහැකි නම්, ඔවුන් ක්‍රියාත්මක කළ හැකි ක්‍රමවේදය තමා වෙත ඉදිරිපත් කරන ලෙසයි. ජනාධිපති ලේකම්වරයා, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, මහබැංකු අධිපතිවරයා සහ මහබැංකුවේ නිලධාරීහු මේ සාකච්ඡාවට සහභාගිවී සිටියහ.  මහ බැංකු නිලධාරීන් හමුවේ ජනපති කළ ප්‍රකාශය පහතින්...  https://www.facebook.com/NewsfirstSL/videos/195579501715470/