කාෂ්මීර සීමාවේ ගැටුම්වලින් ඉන්දීය සෙබළුන් 3ක් මරුට

චීන සෙබළුන් සමග ඇතිවූ ගැටුම්වලින් ඉන්දීය සෙබළුන් 3ක් මරුට

by Staff writer 16-06-2020 | 4:47 PM
COLOMBO (News 1st) : ඉන්දීය සහ චීන සෙබළුන් අතර ඉන්දු කාශ්මීරයේ හටගත් ගැටුමකින් ඉන්දීය සෙබළුන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඉන්දීය හමුදාව සඳහන් කළේ, ලඩක්හි සිදුවු මෙම ගැටුමෙන් දෙපාර්ශවයේම සෙබළුන් මිය ගිය බවයි . මියගිය අය අතර ඉන්දීය හමුදාවේ කර්නල්වරයකු ද වේ. කෙසේවෙතත් සිය සෙබළුන් මියගිය බවට චීනය මෙතෙක් තහවුරු කර නොමැත. චීනය චෝදනා කළේ, ඉන්දියාව දේශසීමා උල්ලංඝනය කරමින් සිය සෙබළුන්ට පහරදුන් බවයි. සිය සෙබළුන් මිය ගියේ වෙඩි වැදීමෙන් නොව ගල් සහ බැටන් ප්‍රහාර එල්ලවීමෙන් බව ඉන්දියාව ප්‍රකාශ කළේ ය. ඉන්දියාව සහ චීනය අතර නොසන්සුන්තා වර්ධනය වෙමින් පවතින පසුබිමකදී මෙය වාර්තා විය. ඉන්දියාව පවසන්නේ චීනය ලඩක්හි ගාල්වාන් නිම්නය වෙත සෙබළුන් දහස් ගණනක් යවා ඇති අතර ඔවුන් , වර්ග කිලෝමීටර් 38 000 භූමි ප්‍රදේශයක ස්ථානගතව සිටින බවයි. දෙරට අතර පවතින දේශසීමා අර්බුද ඉකුත් දශක තුනක කාලය තුළ සිදුකෙරුණු සාකච්ඡාවලින් ද විසඳිය නොහැකි විය.