එස්.බී.ගෙන් නුවරඑළියේ අනාගත සංවර්ධන සැලැස්මක්

''ලවර්ස් ලීප් ක්‍රීඩාංගණය හැදුවොත්, හයි ඇටිටියුඩ් ට්‍රේනිංවලට තියන හොඳම පිට්ටනික් වෙයි'' - එස්.බී.

by Staff writer 16-06-2020 | 9:26 PM
COLOMBO (News 1st) : එස්.බී. දිසානායක හිටපු ඇමතිවරයා නුවරඑළියේ අනාගත සංවර්ධන සැලැස්ම අද පැවති මාධ්‍ය හමුවකදී හෙළි කළේ ය. ජාත්‍යන්තර ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගෙන්වා ගන්න නුවරඑළියේ ක්‍රීඩාංගණයක් ඉදිකිරීමත් ඒ සැලසුමට ඇතුළත් ය .
''නුවරඑළියෙ රේස් කෝස් එකටත් උඩින් තියනවා ලවර්ස් ලීප් කියල වත්තක්. ලවර්ස් ලීප් වත්තේ ලස්සන වැවක් තියනවා. ඒ වටේට අපි පොඩි පිට්ටනියකුත් ඒ කාලෙ හැදුවා.මම නුවරඑළියෙ ඉන්න කාලේ.ඒක අපිට දියුණු කරගන්න බැරි වුණා. ඇත්තටම අපි හිතන්නේ ඉදිරි කාලේ ඒ ලවර්ස් ලීප් ක්‍රීඩාංගණය හැදුවොත් ඒක ලෝකෙ හයි ඇටිටියුඩ් ට්‍රේනිං වලට තියන හොඳම පිට්ටනි දෙක තුනෙන් එකක් බවට පත් වෙනවා.විශාල වශයෙන් අපිට මේ සඳහා ජාත්‍යන්තර මට්ටමේ ලෝක මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගෙන්න ගන්න පුළුවන්''
  https://www.facebook.com/NewsfirstSL/videos/3163963800339554/