අමෙරිකානු බලපෑම් හෙළා දකිමින් අදත් විරෝධතා

අමෙරිකානු බලපෑම් හෙළා දකිමින් අදත් විරෝධතා

by Staff writer 16-06-2020 | 8:54 PM
COLOMBO (News 1st) : අද යළිත් කොළඹට රැස්වූ දේශපාලන, සමාජ හා වෘත්තීය ක්‍රියාකාරීන් විරෝධතාව මර්දනය කිරීමත් අමෙරිකානු මර්දන ප්‍රතිපත්ති හා බලපෑම් හෙළා දකිමිනුත් විරෝධය පළ කළේ ය. අමෙරිකානු පොලීසියේ මේ දිනවල හැසිරීම ඔවුන්ගේ බලපෑමේ තරම ගැන කියාපාන කදිම නිදසුනකි. ජොර්ජ් ෆ්ලොයිඩ්ගේ ගෙල සිරකර මරාදැමූ මර්දන ප්‍රතිපත්ති අනතුරුව තවත් පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කළේ ය. මේ බලහත්කාරය, මේ මර්දනය අපේ රට මත ද ඇතිවීමේ අවදානම MCC, ඇක්සා හා සෝෆා හරහා මතුවන බව ඒ පිළිබඳව අධ්‍යයනට කළ පාර්ශ්ව දිගින් දිගටම කරන අනතුරු ඇඟවීමයි. ඇමරිකානු බලපෑම් වැලැක්වීම සඳහා පසුගියදා පෙරටුගාමී පක්ෂය දැරූ උත්සාහය අතරමග නවතා දැමීමට සිදුවුණේ, පොලීසිය පැමිණ ඔවුන්ට අත්අඩංගුවට ගැනීම නිසයි. අද යළිත් ලිප්ටන් වටරවුමට රැස්වූ පෙරටුගාමී පක්ෂය තවත් වෘත්තීය හා සිවිල් සංවිධාන ගණනාවක් සමග යළිත් මේ මර්දන ප්‍රතිපත්තිවලට විරෝධය පළ කළේ ය.