by Staff writer 15-06-2020 | 10:20 PM
COLOMBO (News 1st) - මේ වසරේ ඊයේ(15) දිනය දක්වා කාලය තුළ සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයින් 921 දෙනෙකු මිය ගොස් තිබේ.
රථවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ මහතා පවසන්නේ නොසැළකිලිමත් ධාවනය අධික වේගය සහ නින්ද යෑම හේතුවෙන් අනතුරු බොහොමයක් සිදුවන බවය.
පොලිස් රථවාහන මූලස්ථානයේ දත්තවලට අනුව පසුගිය මාස 6 තුළ සිදුව ඇති අනතුරු ගණන 8880 කි.
මාරක රිය අනතුරු 886 ක් සහ බරපතල ගණයේ අනතුරු 2273 ක් ද ඊට ඇතුළත් වේ.
පසුගිය වසරේ රිය අනතුරු 30476 ක් සිදුව තිබු අතර මියගිය පුද්ගලයින් ගණන 2851 කි.
මෑත වසර කිහිපයක රිය අනතුරු පිළිබඳව අවධානය යොමු කරන විට 2015 වසරේ රිය අනතුරු 38,107ක් සිදුව තිබෙන අතර එම අනතුරුවලින් පුද්ගලයින් 2816 දෙනෙකු මියගොස් තිබේ.
2016 වසරේ රිය අනතුරු 39199 කින් මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 3017 ක් වන අතර 2017 වසරේ රිය අනතුරු 37599 කින් 3147 දෙනෙකු මියගොස් ඇතැයි සඳහන් ය.
රිය අනතුරු 35845 ක් 2018 වසරේ සිදුව ඇති බවත් පුද්ගලයින් 3151ක් දෙනෙකු මියගොස් ඇති බවත්, පොලිස් රථවාහන මූලස්ථාන දත්තවල දැක්වේ.
මේ අතර අද අලුයම කටුගස්තොට පුෂ්පදාන මාවත ඔස්සේ ධාවනය වූ ලොරියක් මහනුවර පොලීසියේ තාප්පයේ ගැටීමෙන් එහි රියැදුරා මිය ගියේ ය.
ඔහු කටුගස්තොට සෙනරත්ගම පදිංචි 58 හැවිරිදි අවිවාහකයෙකු වන අතර අප වාර්තාකරු පැවසුවේ, තුවාල ලැබු සහයකයා රෝහල්ගත කෙරුණු බවයි.
මේ අනතුරින් පොලිස් ස්ථානයේ ගොඩනැගිල්ලකට ද හානි සිදුවිය.
තව ද අද අලුයම පොල්ගහවෙල රෝහල් හන්දියේදී යතුරුපැදියක් ටිපර් රථයක් පසුකර යාමේදී සිදු වූ අනතුරෙන් පුද්ගලයෙකු මිය ගියේ ය.
ඔහු පොල්ගහවෙල, දිවුල්කුඹුර ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි තැනැත්තෙකි.
අනතුර සම්බන්ධයෙන් සැකපිට ටිපර් රථයේ රියැදුරා අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ පස්වරුවේ හැව්ලොක් ටවුන්හිදී තවත් අනතුරක් සිදු විය.
පාමංකඩ දෙසින් ධාවනය කළ මෝටර් රථයක් ඊශ්වරී පාර දෙසට හැරවීමට යාමේදී ප්‍රධාන මාර්ගයේ ඉදිරියෙන් පැමිණි තවත් මෝටර් රථයක ගැටුණු ආකාරය ආරක්ෂිත කැමරාවල සටහන්ව තිබුණි.
මේ අනතුරින් එක් තැනැත්තියක මියගිය අතර තුවාල ලැබූ දෙදෙනෙකු ඇතුළත් කෙරුණේ කළුබෝවිල ශික්ෂණ රෝහලටයි.