මාස 17ක් තුළ අපරාධ නඩු 19,091ක කටයුතු අවසන්

මාස 17ක් තුළ අපරාධ නඩු 19,091ක් සම්බන්ධයෙන් කටයුතු අවසන් - නීතිපති දෙපාර්තමේන්තුව

by Chathuranga Rajapaksha 15-06-2020 | 4:57 PM

COLOMBO (News 1st) - 2019 ජනවාරි සිට 2020 මැයි දක්වා අපරාධ නඩු 19,091 ක් සම්බන්ධයෙන් කටයුතු අවසන් කර ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරී නිෂාරා ජයරත්න මෙනවිය නිව්ස්ෆස්ට් වෙත පැවසුවේ නීතිපතිවරයා විසින් අධිචෝදනා 10,785ක් මහාධිකරණයට ඉදිරිපත් කළ බව ය.