නුවර පොලීසියේ තාප්පයේ ගැටුණු ලොරි රථ රියැදුරු මරුට

මහනුවර පොලීසියේ තාප්පය කඩන් ගිය ලොරි රථ රියැදුරු මරුට

by Staff writer 15-06-2020 | 7:57 AM

COLOMBO (News 1st) – ලොරි රථයක් මහනුවර පොලීසියේ තාප්පයේ ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

ලොරි රථයේ රියැදුරු අනතුරින් මියගොස් තිබෙන බව පොලීසිය පවසයි. පොලීසිය සඳහන් කළේ, ඔහු එම ස්ථානයේදීම මියගොස් තිබෙන බවය. අප වාර්තාකරු ප්‍රකාශ කළේ, අද අලුයම 4.10 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි. කටුගස්තොට සිට කොළඹ බලා භාණ්ඩ ප්‍රවාහනය කළ ලොරි රථයක් වේගය පාලනය කර ගත නොහැකිව මහනුවර පොලීසියේ තාප්පය කඩාගෙන ගොස් තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ, ලොරි රථයේ රියැදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. අප වාර්තාකරු ප්‍රකාශ කළේ, ලොරි රථයේ සහයකයා බරපතල තුවාල ලබා මහනුවර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බවයි. ලොරි රථයේ සහායක -
"මම කිව්වා රියැදුරුට නිදිමතනම් අයිනේ නවත්වලා ඉදලා යමු කියලා. එක පාරටම පල්ලම ගන්න කොට පොලීසියේ තාප්පේ කඩාගෙන ගියා"
ලොරිය පිටුපසින් පැමිණි ත්‍රීවිල් රියැදුරෙක් - 
"ලොරිය කන්ද ගත්තෙත් ආමරුවෙන් මම ලොරිය ඉස්සර කරේ නැහැ ආපු විදිය හොඳ නැති නිසා. එක පාරටම පල්ලමේ ඇවිත් පොලීසියේ තාප්පේ කඩාගෙන ගියා"
  https://www.facebook.com/NewsfirstSL/videos/392743905007398/