පකිස්ථානය:ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ 2ක්අතුරුදන්

පකිස්ථානයේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් දෙදෙනෙකු අතුරුදන්

by Staff writer 15-06-2020 | 3:15 PM

News 1st - පකිස්ථානයේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් දෙදෙනෙකු ඉස්ලාමාබාද් නුවරදී අතුරුදන් වී තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, අද පෙරවරු 8.00 පමණ සිට මෙම නිලධාරීන් දෙදෙනා අතුරුදන්ව ඇති බවය. මේ සම්බන්ධයෙන් පකිස්ථාන රජයට පැමිණිලි කළ බව ද ඉන්දී‍ය බලධාරීන් සඳහන් කළේය. ඔත්තු බැලීමේ චෝදනා එල්ල වූ ඉන්දියාවේ පකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් දෙදෙනෙකු පිටුවහල් කිරීමෙන් පසු මෙය වාර්තා විය. මින් පසු ඉස්ලාමාබාද්හි සිටින ප්‍රමුඛපෙළේ ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් කිහිප‍දෙනෙකු කෙරෙහි දැඩි සෝදිසියෙන් සිටීමට පකිස්ථානය පියවර ගත් බව සඳහන් ය.